එල්පීඑල් ජාත්‍යන්තරයට හොඳ පණිවුඩයක් දෙනවා – සංචාරක ඇමැතිගෙන් සහතිකයක්

142

එල්පීඑල් තරඟාවලිය ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයට හොඳ පණිවිඩයක් බවත් සිව්වන අදියරයට එන විට එහි ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයක්ද දකින්නට තිබෙන බව සංචාරක ඇමෑති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (01වැනිදා) එල් පී එල් තරගාවලිය අතරතුර දී පැවසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරඟය නැරඹීමට පැමිණ සිටි හරීන් ප්‍රනාන්දු මහතා විස්තර විචාරක ප්‍රශ්න කිරීමක් අතරතුර මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ තරගාවලිය ඉතාම හොඳයි, මෙය සිව්වන අදියරයයි. මම හිතන්නේ මේ වතාවේ එය ඉතා විශිෂ්ටයි. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මෙම තරඟාවලිය මහත් රුකුලක් දක්වනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල කොටසක්. ඒ නිසා එල්පීඑල් රටේ ආර්ථිකයට සවියක්.

අපේ රට ආර්ථික සහ සමාජමය වශයෙන් පිරිහීමකට ලක්ව තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එය ඇත්ත වශයෙන්ම මුළු රටටම සවියක් වුණා. එමගින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානුවන් සමඟ ඇති බැඳීම වැඩි වුණා. ඒ වගේම එල්පීඑල් එකේ විදෙස් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනවා. ඉතින් ඒක ලෝකෙට හොඳ පණිවිඩයක්.

advertistmentadvertistment
advertistmentadvertistment