ශී‍්‍ර ලංකා යෞවනයෝ එංගලන්තයට එරෙහි එක්දින තරගාවලිය කලින්ම දිනති

355

කොළඹ එස්.එස්.සී. පිටියේදී එංගලන්ත යොවුන් කණ්ඩායම යළිත් වරක් අසරණ කර දැමූ ශී‍්‍ර ලංකා යෞවනයෝ දෙරට අතර සිව්වැනි එක්දින තරගය ලකුණු 127කින් ජය ගැනීමට ඊයේ (08 වැනිදා) සමත්වූහ. එ් අනුව දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරග 3ම පිට පිට ජය ගනිමින් 3-1ක් ලෙස තරගාවලියේ ජය කලින්ම වෙන්කර ගැනීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමට හැකියාව ලැබිණි.

ලකුණු ලබා ගැනීමට අපහසු එස්.එස්.සී. තණතීරුවේ ලකුණු 243ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක ඉනිම පන්දුවාර 33.3කදී මුළු ලකුණු 117කට සීමා කිරීමට ශී‍්‍ර ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ රවීන්ද සිල්වා පන්දුවාර 3යි පන්දු 3ක් කි‍්‍රයාත්මක කරමින් එක් නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 06කට ප‍්‍රතිවාදි ඉනිමේ කඩුලූ 3ක් බිඳ දැමූ අතර මතීෂ පතිරණ පන්දුවාර 3කදී මුළු ලකුණු 08කට කඩුලූ 2ක් බිඳ දැමීය. එ් අතරවාරයේ එංගලන්ත අවසන් කඩුලූ 5 මුළු ලකුණු 12ක් තුළ බිඳ දැමීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත්වීම කැපී ීපෙණුනි.

එංගලන්ත යොවුන් ඉනිමේ වැඩිම ලකුණු වාර්තා කළ ජොර්ජ් තෝමස් පන්දු 61කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 40ක් වාර්තා කළේය. හැරී ක‍්‍රෂොව් පන්දු 59කදී ලකුණු 31ක්, ජැකොබ් බෝතෙල් ලකුණු 11ක් සහ විලියම් ලක්ෂ්ටොන් ලකුණු 10ක් රැුස් කළේය.

තීරණාත්මක තරගයේදී කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එ් අනුව ආරම්භ වූ ශී‍්‍ර ලංකා යොවුන් ඉනිමේ පළමු කඩුලූ 4ම මුළු ලකුණු 85ක් වනවිටදී නැවත කී‍්‍රඩාගාරයේ අසුන් ගැන්වීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතර චමිඳු වික‍්‍රමසිංහ ලකුණු 19කට, සදීෂ රාජපක්ෂ ලකුණු 01 කට සහ රනුදු සෝමරත්න ලකුණු 11කට පිටියෙන් ඉවත් වෙද්දී ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 39කටත් දැවී ගියේය. පන්දු 35ක් වැය වූ ෂෙවෝන්ගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත්විය.

පළමු පෙළ කඩා වැටීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා ඉනිමට නැංගුරම දැමූ පවන් පතිරාජ සහ රවීන්ද සිල්වා පස්වැනි කඩුල්ලට ලකුණු 111ක සම්බන්ධතාවක් එක් කරමින් ශී‍්‍ර ලංකා ඉනිමට ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය. පවන්ද පතිරාජ පන්දු 104කදී ලකුණු 60ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව දැවී යෑමෙන් එම සම්බන්ධතාවට තිත වැටුණි.

පවන්ගේ දැවී යෑමෙන් අනතුරුව කණ්ඩායමේ වගකීම සිය කරට ගත් උපනායක රවීන්ද සිල්වා ශී‍්‍ර ලංකා යොවුන් ඉනිම තරගයක් දිය හැකි ලකුණු තත්ත්වයක් කරා ගෙන යෑමට සමත්විය. එ් අනුව පන්දු 87කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 59ක් රවීන්ගේ පිත්තෙන් වාර්තා විය.

ලකුණු සාරාංශය

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී ලකුණු 243යි (චමිඳු වික‍්‍රමසිංහ 19, ෂෙවෝන් ඩැනියෙල් 39, සදීෂ් රාජපක්ෂ 01, පවන් පතිරාජ 60, රනුද සෝමරත්න 11, රවීන්ද සිල්වා 59, දුනිත් වෙල්ලාලගේ

15, හසිරු රුද්‍රිගෝ (නොදැවී) 15, වනුජ සහන් (නොදැවී) 03, බෙන්ජමින් ක්ලිෆ් 43/3, නෙදර්න් බාන්වෙල් 39/2, ෆටේ සිං 31/1)

එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 33.3කදී සියලූ දෙනා දැවී ලකුණු 117යි (ජැකොබ් බේතෙල් 11, ජෝර්ජ් තෝමස් 40, ටොම් ප්‍රෙස්ට් 09, හරී ක‍්‍රෂාව් 31, ජේම්ස් රෝ 02, විලියම් ලක්ෂ්ටොන් 10, ඩැනියෙල් ඉබ‍්‍රහිම් 02, ෆටේ සිං 00, ජොසුවා බයිඩන් 00, නෙදර්න් බාන්වෙල් (නොදැවී) 01, බෙන්ජමින් ක්ලිෆ් 00, රවීන්ද සිල්වා 06/3, මතීෂ පතිරණ 08/2, ෂෙවෝන් ඩැනියෙල් 08/1, වනුජ සහන් 09/1, සදීෂ් රාජපක්ෂ 15/1)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment