ලබන වසරේදී වයඹට කෝටි 100 ඉක්ම වූ ආයෝජන ගෙන එනවා – වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්

81

වයඹ පළාතට එළැඹෙන වසරේදී කෝටි සියයකට වැඩි දෙස් විදෙස් ආයෝජනයන් ගෙන එන බව වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා පැවැසීය.

වයඹ පළාත තුළ ඒ සඳහා අවශ්‍ය සංචාරක හා ආයෝජන කලාපයන් ඇති කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ඇති කරන බවද හෙතෙම කීවේය.

වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (07දා) පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩුකාරවයා මේ බව සඳහන් කළේය.

ඒ සඳහා වයඹ පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහය ලබාදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව හෙතෙම කීවේය

ආයෝජන වයඹ නමින් ව්‍යාපෘතියක් මාස දෙකක් තුළ ක්‍රියාත්මක කරන බව පැවැසූ ඒ මහතා ඉන් විශාල ආයෝජනයක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව සඳහන් කළේය.

වයඹ පළාතට විශාල ලෙස සංචාරකයන් පැමිණෙන බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ සම්පත් දියුණු කිරීම තුළින් විදේශ විනිමය ඉපැයිය හැකි බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම සහයෙන් ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බව පැවැසූ ඒ මහතා ඊළඟ වසර ඇතුළත වයඹ පළාතට බිලියනයක ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බව කියා සිටියේය.

තමන් ආණ්ඩුකාරවරයා ලෙස සෑම අවස්ථාවක මහජනතාව වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් බවත් ජනාධිපතිවරයා ලබාදුන් වගකීම නිසි අයුරින් ඉටු කරන බවත් නසීර් අහමඩ් මහතා පැවැසීය.

මේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment