අවසාන තරගයේ ජය ඇෆ්ගනිස්ථානයට

307

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අතර එක්දින තරගාවලියේ 5 වැනි සහ අවසාන තරගයේ ජය ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම ඊයේ (07 වැනිදා) සමත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකාවට භාර කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 43ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 197ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු වාර 45ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 198ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පසිදු සූරියබණ්ඩාර ලකුණු 70ක්, මිනෝද් භානුක ලකුණු 24ක්, සොනාල් දිනූෂ ලකුණු 21ක් ලබාගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නවීඩ් සඩ්රාන් ලකුණු 45කට කඩුලු 4ක්, එන්. කොහරටේ ලකුණු 31කට කඩුලු 3ක් සහ කමිල් කාකර් සහ කයිස් අහමඩ් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් රියාස් හසන් නොදැවී ලකුණු 74ක්, ශහිදුලහා ලකුණු 47ක්, ඩ්‍රවිෂ් රසෝලි ලකුණු 36ක් ලබාගැනීමට සමත් වූහ.

පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් ලකුණු 23කට කඩුලු 2ක්, දුෂාන් හේමන්ත ලකුණු 46කට කඩුලු 2ක් හා සොනාල් දිනූෂ ලකුණු 41කට 1 කඩුල්ලක් ලබා ගැනීමට සමත් විය.

දෙරට අතර පැවැති තරග 5න් තරග 3ක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවිය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව පන්දුවාර 43ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 197යි.

පසිඳු සූරියබණ්ඩාර 70, මිනෝද් භානුක 24, සොනාල් දිනූෂ 21, නිපුන් කරුණානායක 19යි.

පන්දු යැවීම

නවීඩ් සඩ්රාන් 8-45-4, එන්. කොහරටේ 10-31-3, කමිල් කාකර් 4-18-1, කයිස් අහමඩ් 9-43-1.

ඇෆ්ගනිස්ථානය පන්දුවාර 45ක් තුළ කඩුලු 5ක් දැවී ලකුණු 198යි.

රියාස් හසන් 74, ශහිදුල්හා 47, ඩ්‍රවිෂ් රසෝලි 36, එන්. කොහරටේ 27යි.

පන්දු යැවීම

මොහමඩ් ශිරාස් 6-23-2, දුෂාන් හේමන්ත 8-46-2, සොනාල් දිනූෂ 10-41-1

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment