සූර්ය කුමාර් මුම්බායි ඉන්දියන්ස් දිනවයි

191

සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පෙරේදා පැවති අයිපීඑල් තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් රැස් කර ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දු වාර 17යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 30කින් ලකුණු 48ක්, පැට් කමින්ස් පන්දු 17කට ලකුණු 35ක් සහ නිතිෂ් කුමාර් ලකුණු 20ක් ලබාගැනීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ සූර්ය කුමාර් යාදව් පන්දු 51කින් නොදැවී ලකුණු 102ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් විණි. තිලක් වර්මා පන්දු 34කින් ලකුණු 36ක් රැස් කළේය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මුල් කඩුලු 3 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීගිය අතර සූර්ය කුමාර්ගේ සහ තිලක් වර්මාගේ විශිෂ්ට පිතිහරඹය මුම්බායි ජයග්‍රහණයට ඉවහල් විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 31කට කඩුලු 3ක් සහ පියුස් චවුලා ලකුණු 33කට කඩුලු 3ක් දවාගත්හ.

සුපිරි ඉනිමක් දියත් කළ සූර්ය කුමාර් යාදව් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment