සිරාජ්ගෙන් ඩොලර් 5000 ක් සහ තවත් ඩොලර් 50000 ක් ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට

470

මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ සහාය කාර්යය මණඩල සඳහා ඇමරිකානු ඩොලර් 55,000 ක මුදලක් ආසියානු ක්‍රිකට් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අවසන් තරගයේ වීරයා වූ මොහොමඩ් සිරාජ් විසින් ඊයේ (17 වැනිදා) පරිත්‍යාග කරන ලදී.

එහිදී මොහොමඩ් සිරාජ් තරගයේ වීරයා සම්මානය සඳහා තමාට හිමි වූ ඩොලර් 5,000 ක මුදල ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට ලබා දුන් අතර ආසියානු ක්‍රිකට් සභාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් 50000 ක මුදලක් එම කාර්ය මණ්ඩලයට ලබා දුන්නේය. ආසියානු ක්‍රිකට් තරගාවලිය පුරාවටම නොයෙක් අවස්ථාවන්හි දී වර්ෂාවෙන් බාධා ඇති වූ අතර ඒ සෑම අවස්ථාවකදීම යුහුසුළුව කටයුතු කළ අදාළ කාර්යය මණඩලයේ සේවය ඇගයීම පිණිස මෙම මුදල් පරිත්‍යාගයන් සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment