පොන්නම්බලම්ට මාස තුනක පාර්ලිමේන්තු නිවාඩුවක්

293

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතාට පාර්ලිමේන්තු නොපැමිණීමට මාස තුනක කාලයක් සඳහා නිවාඩු ඊයේ (26දා) අනුමත කෙරිණි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර ඊයේ සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා එම මන්ත්‍රීවරයාට එම අවසරය හිමිවේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

ආර්. සම්බන්ධන්ට මාස 3ක නිවාඩුවක්

දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු නොපැමිණීම සඳහා 25 දා අනුමැතිය හිමි විණි.
ඊට අදාළ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව සම්බන්ධන් මන්ත්‍රීවරයාට, ඊයේ සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා පාර්ලිමේන්තුවට නොපැමිණීමට අදාළව අවසරය හිමිවේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment