බෙහෙත නිසා අන්ධ වූ අයට වන්දි ගන්න සීඅයිඩීයට පැමිණිලි

64

‘Prednisolone’ නමැති අක්ෂි දියර ඖෂධය ලබාදීම මගින් මියගිය හා හානියට පත්වූ මෙරට රෝගී ජනතාවට වන්දි ලබාදීමට අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා ඊට වගකිව යුතු නිලධාරීන්ට හා පාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේ (26දා) ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ඖෂධය ලබාදීම හේතුවෙන් මෙරට රෝගීන් මිය යෑමත් ඇතැමුන්ගේ ඇස් අන්ධ වීම් පිළිබඳවත් පළාත් කිහිපයක රෝහල්වලින් වාර්තා වී තිබිණි. ඖෂධ භාවිතයේ දී ඇති වූ අසාත්මිකතා නිසා මෙම තත්ත්වයන් ඇති වූ බව ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරි නිකුත් කරන ලද ලිපියක් මගින් තහවුරු වුණැයි පැමිණිල්ලේ දැක්වේ. පසුව එම ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කරගෙන ඇතැයි ද ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සිය පැමිණිල්ල මගින් කියා තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment