කොටි විගණන නිලධාරිනිය ප්‍රංශයේදී මියයයි

760

කොටි සංවිධානයේ හිටපු ප්‍රධාන මූල්‍ය විගණක නිලධාරිනිය වූ පාතාංජලී භාරතී නමැති කාන්තාව හෘදයාබාධයකින් 6 දා ප්‍රංශයේදී මියගොස් තිබේ.

යුද සමයේදී කොටි සංවිධානය සතු සියලු මුදල් විගණනයට ලක් කරන ලද්දේ ඇය විසිනි.

යුද්ධය හමාර වීමට ආසන්නයේ දී ඇය ප්‍රංශයට පලා ගොස් එහි සිටි දෙමළ ධනවත් ව්‍යාපාරිකයකු සමග විවාහ වී ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇත.

ඇගේ සැමියා ද කොටි සංවිධානය වෙනුවෙන් මුදල් රැස් කරන ලද ප්‍රකට ව්‍යාපාරිකයෙකි.

සිවනේසන් බාබු නමැති ඔහු ප්‍රකාශ කොට ඇත්තේ සිය බිරිඳ හෘදයාබාධයක් නිසා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගිය බවයි.

ප්‍රංශයේ චෙරන් වැනිෆාම් නමැති ව්‍යාපාර සමූහයේ අයිතිකරු තම බිරිඳ බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment