මහනුවර – පේරාදෙණිය රුධිර කාන්දුකරණ මරණ ගැන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නිහඬයි- වෛද්‍ය චමල් සංජීව

101

මීට මාස කිහිපයකට පමණ පෙර මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල රුධිර කාන්දුකරණ ඒකකවල රෝගී මරණ දහයත් විස්සත් අතර ප්‍රමාණයක් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කොට එම මරණවලට හේතුව ප්‍රකාශයට පත් කරන්නැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළ නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් යැයි වෛi හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛi චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

එම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත්කිරීම මගින් මෙවැනි සිදුවීම් තවදුරටත් වළක්වා ගතහැකි බව ද ඒ මහතා ලේකම්වරයාට කළ දැනුම්දීමෙන් පෙන්වා දී ඇත.

කුරුණෑගල මහ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ විෂබීජයක් පැතිර යෑම නිසා රෝගීන් පස්දෙනකුට අධික පිරිසක් මියගිය බව පසුගිය සිකුරාදා වාර්තා වූ බවත්, එපමණ රෝගීන් සංඛ්‍යාවක් මියයනතුරු රෝහල් බලධාරීන් අවධානය යොමු නොකිරීම කනගාටුවක් බවත් ඔහු කියා සිටී.

මෙරට සෞඛ්‍ය පද්ධතිය ගැන මහජන විශ්වාසය බිඳවැටී ඇති අවස්ථාවකදී මෙම තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා ගෙනයන වැඩපිළිවෙළට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනිකුත් නිලධාරීන්ගේ සහාය ලැබිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment