‘පාර දිගේ’ බණ්ඩා මට ලැබුණු විරල අවස්ථාවක්… කුසල් මධුරංග

591

මේ දිනවල විකාශනය වන පාර දිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩා ගැන හැමෝම කතාකරනවා. ඒ ඔහු පුංචි තිරය තුළ ඉමහත් ආදරය දිනාගත් කෙනෙක් නිසයි. අද අප සමග කතාබහට එක්වන්නේ බණ්ඩාගෙ චරිතය රගපාන කුසල් මධුරංගයි.

කුසල්ට පාර දිගේ හොඳ ප‍්‍රතිචාර ලැබෙනව නේද

ඇත්තටම මම හිතුවෙවත් නෑ මේ චරිතය කරන්න යද්දි මේ විදිහට මිනිස්සු මාව ආදරෙන් වැලඳගනී කියල. වේදිකාවෙ ඉඳන් ආපු කෙනෙක් විදිහට පාර දිගේ තමයි මාව පුංචි තිරයෙ දන්න කෙනෙක් බවට පත්කලේ

‘පාර දිගේ’ බණ්ඩා මට ලැබුණු විරල අවස්ථාවක්... කුසල් මධුරංග

වේදිකාව කියන්නෙම ලොකු කැපකිරීමක් කරන්න ඕනා තැනක් ඒ ගැන ඔබගෙ අත්දැකීම

මම පාසැල් ගියේ ගෝනගල ගලන්ඔය විදුහලෙන්. ශිෂ්‍යත්වයට පස්සෙ හොරණ විද්‍යාරතන පිරිවෙනේ ඉගෙනගන්නව. පාසැල් කාලෙ සමිතිවල ඉදිරිපත්කිරීම් කළා. පස්සේ ඉස්කෝලෙ නාට්‍යයකට යාළුවෙක්ගෙ පෙරැත්තයට එකතුවුනා. ඒ නාට්‍යය කලේ පුබුදු සුභාෂණ ගුරුතුමා.

ඉන්පසු මම වේදිකාවකට සම්බන්ධ වුනා. 2007 වසරේ හොඳම සහය නළුවා බවට පත්වුනා. 2010 වසරේ එක්ෂිබිෂන් නම් නාට්‍යයකට සම්බන්ධ වුනා. ඒ වගේම 2013 2014 2015 වසරවල හොඳම නළුවා බවට පත්වුනා.

ඔබට නිවේදන හැකියාවත් තියනවා නේද

2016 වසරේ ස්වර්ණවාහිනියේ නිවේදකයෙකු වශයෙන් එකතුවුනා. එයට උදව් කළේ ප‍්‍රදීප් රසංග සහෝදරයා.

පාර දිගේ නාට්‍යය ස\හා එකතුවෙන්න ලැබුනෙ කොහොමද

මගෙ මිතුරෙක් වන රංගන ශිල්පී තිලාන් හරහා තමා මට පාර දිගේ අවස්ථාව ලැබුනෙ. ඇත්තටම කිව්වොත් ඒක ලොකු අවස්ථාවක්. බණ්ඩා කියන්නෙ මට ලැබුණු ලොකු අවස්ථාවක්. පාර දිගේ තුළත් ගොඩක් අය දකින්නේ අද සාමන්‍ය ජීවිතයේ දකින චරිතනේ. සමහර වෙලාවට ඒවා අපිට අපේ වටේම හමුවෙනව. හොඳම උදාහරණය මට නානායක්කාර වගේ කෙනෙක් ඇත්තටම හමුවුණා. ඔහු කිව්වා මට විසිටින් කාඞ් එකක් දීලා කතාකරන්නත් කියල. වේදිකාව තුළින් ආපු රංගන ශිල්පීන් ශිල්පිනියන් පවා කාලෙකදි මේ මාධ්‍ය දෙක

හඳුනගැනීම ගැන මොකද හිතන්නෙ ඇත්තටම මේක රංගනයේ මාධ්‍ය දෙකක්. මමත් ඒක පරෙස්සමෙන් හඳුනගෙන වැඩ කරන්නෙ.

කුසල්ට නාට්‍ය සඳහා ආරාධනා ගොඩක් ලැබෙනව ඇති නේද

ඔව් නමුත් මම හැම තිස්සෙම තෝරා බේරාගෙන වැඩකරන කෙනෙක්.

මේ ගමනේ ඔබට ශක්තියක් වුණේ

ඇත්තටම අද මම ඉන්න තැන ගැන සතුටු වෙන්නෙ අප්පච්චියි අම්මයි. එයාලගෙ සහය කියල නිමකරන්න නම් බෑ

නදීෂ නිර්මාණ හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment