සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගැලවුණු එස්.පී.සියට වෙච්චදේ

210


රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර ඖෂධ නියාමන,නිෂ්පාදන සහ ආනයන රාජ්‍ය ආයතනය වෙත පැවරීම නිසා ඖෂධ ආනයනයේ සහ නිෂ්පාදනයේ විශාල ප‍්‍රගතියක් ලබා ඇතැයි එම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සමන් රත්නායක මහතා පවසයි.මේ වන විට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පෙති හා කරල් ලෙස ඖෂධ කෝටි 34ක් වසරකට නිපදවීමේ උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඖෂධ වර්ග 90ක් පමණ නිපදවන බවත් සඳහන් කරයි.මෙම වසර සඳහා සිය අමාත්‍යංශයට රජය රුලියල් බිලියන 65ක් වෙන්කර ඇතැයිද ඉන් බිලියන 45ක් ඖෂධ මිලදී ගැනීම සඳහා බවත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment