වෛද්‍යවරියකගේ මෝටර් රථය ගරාජයකට කඩා වැදිලා

1770

ගාල්ල, බද්දේගම ප්‍රධාන මාර්ගයේ මීපාවල ප්‍රදේශයේදී වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක් එකවරම පිටුපසට අධික වේගයෙන් ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ ගරාජයකට කඩා වැදීමෙන් එහි දේපළවලට හානිවී ඇති බැව් පොද්දල පොලිසිය පවසයි.

පෙරේදා (16 දා) පස්වරුවේදී මෙම සිද්ධිය සිදුවී ඇත. මෙකී මෝටර් රථය එහි රියැදුරු විසින් පදවාගෙනවිත් මීපාවලදී මාර්ගයේ පසෙකින් නතර කර රථයේ හිමිකාරිය වන වෛද්‍යවරියට එය පදවාගෙන යෑම සඳහා ලබාදී ඇත. ඒ සමගම මෝටර් රථය අධික වේගයෙන් පිටුපසට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ ගරාජයකට කඩාවැදී ඇත. කිසිදු අයෙකුට අනතුරක් වී නොමැති අතර පෝද්දල පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment