ස්වර්ණාට ඕස්ට්‍රේලියාවේ දී උපහාර උළෙලක්

211

ජ්‍යෙෂ්ඨ රංගනවේදිනී, සිංහල සිනමාවේ ස්වර්ණ තාරකාව ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය ගේ අඩසිය වසක අද්විතීය සිනමා දායකත්වය උදෙසා සිනමා උපහාර උළෙලක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර දී මෙම මස 20 වැනිදා (ඉරිදා) සවස 4ට පැවැත්වේ.

කිසිදු ආයතනයක හෝ සංගමයක සංවිධානයෙන් බැහැරව ශ්‍රී ලංකවෙන් පිටත දී ප්‍රථම වතාවට සිදු කරන මෙම ප්‍රණාම උළෙල ඉතාම උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලද්දේ චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ සහ රම්‍යා තෙන්නකෝන් යෙහෙළියන් දෙදෙනාගේ මූලිකත්වයෙන් බ්‍රිස්බේන්හි වෙසෙන ශ්‍රී ලාංකික කුඩා ව්‍යවසායකයන්ගේ සාදර අනුග්‍රාහකත්වයෙනි.

උපහාර උළෙලේ මුල් දෙසුම ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසිරි වීරවර්ධන මහතා විසින් සිදු කරනු ලබන අතර එදිනට සම්මානලාහී දඩයම චිත්‍රපටය ද තිරගත කිරීමට ද නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment