අන්තවාදීන්ගේ බලපෑමෙන් මුහුදු මහා විහාරය අවට පුරාවිද්‍යා රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් සහ වැලි කොල්ලයක් – උදය ගම්මන්පිල

83

අන්තවාදීන්ගේ දැඩි බලපෑමකට ගොදුරුව නැගෙනහිර මුහුදු මහා විහාරය, ඒ අවට පුරාවිiා රක්‍ෂිතය තුළ අනවසර ඉදිකිරීම්, වැලි කොල්ලයක් සිදුවන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කැලණිතිස්ස රජුගේ දියණිය වූ විහාර මහදේවි කුමරිය ගොඩබට ස්ථානයක් ලෙස ද සැලකෙන මෙම පුදබිම මහානාග රජ දවස ඉදිවූවකි.

පුරාවස්තු විනාශකරන අන්තවාදී බලවේග එහි භාවනායෝගීව වැඩ වෙසෙන හිමිනමකට ද පහරදී තිබේ.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඇතුළු නියෝජිත පිරිසක් එම පුදබිමේ නිරීක්‍ෂණයක නිරතවී ඇති අතර ඔවුන් මුහුදු මහ විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි සහ උඩලමත්තේ රතනප්‍රිය හිමිවරුන් බැහැදැක ඇත. මුහුදු මහා විහාරය අවට සිදුවෙමින් තිබෙන විනාශය ගැන ද උන්වහන්සේ මෙම නියෝජිත පිරිසට කරුණු දක්වා තිබේ.

අද අපි සෙංගමුව වන රක්‍ෂිතයට ගියා. අද වන රක්‍ෂිතයක් එතන නෑ. ප්‍රාදේශීය ලේකම්වරයාත්, ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රහීම්, ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මුෂාරප් යන අයගේ අනුග්‍රහයෙන් සම්පූර්ණ කැලේම කපල ගම්මාන පිට ගම්මාන ඉදිකරලා. මේවා ඇතුළේ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුවේ නිල ලාංජන සහිත බෝඩ් ගහලා නම් ගහලා තියෙනවා.

පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන්ම 2015 මේ පැත්තෙ මේ රක්‍ෂිතය සම්පූර්ණයෙන්ම විනාශකරලා ගම්මාන ඉදිකෙරෙමින් තිබෙනවා. ඒ වගේම එතන අනුරාධපුර යුගයේ මුල්භාගයට අයිති වසර 2200-2300 අතර පැරණි ලෙන් පද්ධතියක් තිබෙනවා. ලෙන් අටක් අපි දැක්කා.

පුරාවිiා රක්‍ෂිතයේ ගල් ටික ගලවා එක තැනකට එකතු කරල තියෙනවා. තව තැනක ඒව කළපුවට දාලා තියෙනවා. පුරාවිiා රක්‍ෂිතයේ මායිම් ගල් ඉවත්කරලා ලෙන් විහාර සහිත පුරාවිiා බිම විනාශ කරනවා. පොලිසියේ ඩීඅයිජී මහත්වරු පවා මේ ඉඩම් අත්පත් කරගෙන. රජයේ නිලධාරීන් අත්පත් කරගෙන. පළාතේ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහයෙන් එළු මඩම් කරලා තියෙනවා යැයි එහිදී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඉන් අනතුරුව පානම ඓතිහාසික ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයට පැමිණි ගම්මන්පිල මහතා ඇතුළු පිරිස විහාරාධිපති පානම චන්දරතනාභිධාන හිමියන් බැහැදැක පානම ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සමඟ යාගොඩ සීවලී සහ පූජ්‍ය මොලමුරේ නන්දාරාම හිමිවරුද ධම්මික රත්මලේ, නාලක පෙරේරා, අංජන උදාර, අරවින්ද අතුකෝරළ, ප්‍රසන්න අමරතුංග, ශිරන්ත ලියනගේ, දයා තෙන්නකෝන්, චරිත් රණතුංග යන මහත්වරු ද එක්වූහ.
ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment