පොලිසියට වෙච්ච දේ ඇමැති හෙළි කරයි

1115

වගකිව යුතු රජයක් ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානියක් වන කිසිඳු ක්‍රියාකාරකමකට රජය ඉඩ තබා නොමැති බවත්, රට පුරා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අවශ්‍ය වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනමටමත් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දේශපාලනයෙන් තොර ආයතනයක් ලෙස කටයුතු කරන බවත්, රටේ නීතියේ ආධිපත්‍ය උපරිමයෙන් සුරැකීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවී සිටින බවත් අමාත්‍යවරයා සදහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය. පොලිස් දෙපාර්තමේන්තුව වර්තමානය වන විට දේශපාලනයෙන් තොරව වැඩකටයුතු කරගෙන යනවා.ඒ වගේම රටේ නීතිය උපරිමයෙන් සුරැකීමට ද කැප වී සිටිනවා. පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වත්මන් රජය පත්වී තවම ගතවී ඇත්තේ වසරක පමණ කෙටි කාලයක්. ඒ නිසා වසරක් වැනි කාලයක් තුළ එහි සියලු අඩු පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ. නමුත් වසරක් තුළ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සැලකිය යුතු වැඩකොටසක් ඉටු කර තිබෙනවා. දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිලධාරීන් 85000ක් පමණ සිටිනවා. පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවරම මැඩලීම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ඒ වගේම මත්ද්‍රව්‍යවලින් තරුණයන් බේරා ගැනීමේ පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවා තිබෙන බව කිව යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment