සුජය කැන්ඩොස් BOC රන් කුකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේදී

46

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 2023 වර්ෂයේ තිස්තුන් වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද (29 වැනිදා) බප/ ජය කොට්ටාව ධර්මපාල මහා වද්‍යාලයේදී පැවැත්වේ. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට ආරාධිත පාසල වශයෙන් මාලපල්ල විජයඝෝෂ වද්‍යාලයේ 5 ශ්‍රේණිය සිසු සිසුවියෝ සහභාගි වෙති. කොට්ටාව ධර්මපාල මහා වද්‍යාලයේ විදුහල්පති කපිල වීරසූරිය මහතා හා ප්‍රාථමික අංශ භාර නියෝජ්‍ය විදුහල්පතිනි අනෝමා පෙරේරා මහත්මියගේ අනුමැතියෙන් සහ උපාලි පුවත්පත් සමාගමේ ජ්‍යෙෂ්ඨ සහකාර බෙදාහැරීම් කළමනාකාර අනිල් ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම සුජය කැන්ඩොස්, BOC රන් කැකුළු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් හා සීමාසහිත සිලෝන් චොක්ලට් (කැන්ඩොස්) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, ඉසිපතන, විශාඛා විදශාලයන්හි හිටපු ආචාරිනී ගංගා සුභාෂිනී බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදු කිරීමට නියමිතය. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමගාමීව පැවැත්වෙන දෙමාපියන් දැනුවත් කිරීමේ දේශනය ප්‍රවීණ දේශක, කළුතර පොලිස් වද්‍යාලයේ සොකො පුහුණු අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චාමර විජේරත්න මහතා විසින් සිදුකෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment