රට වටේ හොරකමේ ගිය හතරක් බඩුත් එක්ක දැලේ – නඩු 11යි වරෙන්තු 21යි

41

කලක් තිස්සේ දිවයින පුරා සොරකමේ ගිය සොර කල්ලියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට පූගොඩ පොලිසිය සමත්ව ඇත. දින හයක් තිස්සේ සී.සී.ටී.වී. කැමරා ඔස්සේ සිදුකරන ලද පරීක්ෂණයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පූගොඩ කිරිඳිවැල මාර්ගයේ ඕවිට ප්‍රදේශයේ කට්පීස් රෙදි වෙළඳ ආයතනයක රුපියල් ලක්ෂ 31ක් පමණ වටිනා රෙදි ඇතුළු දේපළ සොරකම සම්බන්ධව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රධාන සැකකරුට තඹුත්තේගම, කුලියාපිටිය, මහව,හෙට්ටිපොල, අවිස්සාවේල්ල අධිකරණවල නඩු 11 ක් සම්බන්ධව වරෙන්තු 21 ක් පවතින බව ද අනාවරණය වී ඇත.

මෙම සැකකරුවන් මාතලේ, දළුපොත, පාදුක්ක, පිටුම්පේ, දැදුරුඔය, හලාවත, කාකපල්ලිය, පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනකු ද වෙති.

මේ වනවිට සොර බඩුවලින් රෙදි තොගයක්, ගෑස් සිලින්ඩර 27 ක්, බීම බෝතල් තොගයක්, සොරබඩු ප්‍රවාහනය කළ ලොරි රථය ද සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පූගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුරේස් ද සිල්වා, ප්‍ර.පො. ප. දිසානායක, උ.පො.ප. ජයසිංහ, උ.පො.ප. තිලකරත්න, පො.කො. 30630 දිලීප, පො.කො. 87520 ශානක, 69347 රොෂාන් යන නිලධාරීහු පිරිසක් වැටලීම් සිදු කළහ.
පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment