අල්ලස් නොදුන්නොත් තෙල් නෑ – ඉන්ධන බෙදාහැරීමේ ජාලය මාෆියාවකට යටවෙලා

854

ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප‍්‍රනාන්දු

මේ වනවිට රටපුරා ඉන්ධන බෙදාහැරීමේ ජාලය මාෆියාවකට යටවී ඇතැයි ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සීපීඑස්ටීඑල්) සහ මුතුරාජවෙල ගබඩා පර්යන්තයේ සිට රටපුරා ඉන්ධන බෙදාහරිනු ලබන බවුසර් වෙත ඉන්ධන නිකුත්කිරීමේදී එම කටයුතු බාර නිලධාරීන් විසින් අල්ලස් වලට යට වී ඇතැම් ඉන්ධන හල් වලට තෙල් ලබාදීම දින ගණන් පමා කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය.

නමුත් ඇතැම් ඉන්ධන හල් වෙත දිගින් දිගටම පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් ලබාදෙන බව ද ඒ මහතා කියා සිටියේය.

ඉන්ධන හිඟයට මුවා වී සිටින නිලධාරීන් තෙල් බෙදාහැරීම මේ වනවිට මාෆියාවක් බවට පත්කර ගෙන සිටින බැවින් අද හෙටම මේ පිළිබඳව රටට සියලූ කාරණා හෙළිකරන බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment