මුදල් කාරක සභාවට විපක්ෂ නායක දෙහි කපයි

82


රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක විපක්ෂය විසින් සභාපතිවරයකු පත් කළ යුතුය යන ස්ථාවර නියෝග තිබිය දී අනීතිකවල ව්‍යවස්ථා විරෝධිව වැඩබලන සභාපතිවරු රජය විසින් පත් කර මෙවැනි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නීත්‍යානුකූලව ඉදිරිපත් වන්නේ කෙසේද කියා ප්‍රශ්න කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ නිත්‍යානුකූලවල ව්‍යවස්ථාපිතව හා ස්ථාවර නියෝග මත පදනම්ව ස්ථිර සභාපතිවරයකු පත් කිරීමෙන් බවත් නිත්‍යාකුලූව සභාපති වැඩ නොබලන විට තාවකාලික සභාපතිවරයකු පත් කළ හැකි නමුත් මේ අවස්ථාවේ සිදුව ඇත්තේ ස්ථාවර නියෝගවලට ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment