ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට

102


ප්‍රදේශ කිහිපයක පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔය, කැළණි, කළු , ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර මහතා පැවසුවේ මේ වන තෙක් ගංවතුර අවදානමක් නොමැති වූවද පවතින වැසි තත්වය හමුවේ අවධානයෙන් පසුවීම වැදගත් බවය.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චණ්ඩ සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment