පොළොන්නරුවේ ගෝපාල පබ්බත භූමිය යළිත් නිධන් හොරුන්ට බිලි

394

පොළොන්නරුව පූජා භූමියේ පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති ඓතිහාසික ‘‘ගෝපාල පබ්බත’’ භූමිය පසුගිය (4දා) යළිත් වරක් නිධන් හොරුන් විසින් විනාශ කර ඇති බව පුරාවිiා සුරැුකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් පැවසූහ.

මීට පෙරද මෙම ස්ථානය නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට ලක් වී ඇති බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් විශේෂ මුරකුටියක් එම ස්ථානයට පේන මානයේ පිහිටුවා ඇතත් කිසිවෙකුගේ අවධානයට ලක් වී නොමැතිවීම පුදුම සහගත බව උන්වහන්සේ පැවසූහ. ගල්විහාරය හා කිරිවෙහෙරට ආසන්නයේ පිහිටා ඇති මෙම ගෝපාල පබ්බතයෙහි නිධන් හෑරූ පුද්ගලයින්ගේ ඇඳුම්ද එම ස්ථානයේ  දමාගොස් තිබියදී හමු වී ඇතැත් තවමත් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවද උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

මෙම ගෝපාල පබ්බත භූමියෙහි පොළොන්නරු යුගයට අයත් පැරණිතම ආලාහන පිරිවෙන පිහිටුවා තිබූ බවද චූලවංශයෙහි සඳහන් කර ඇති බවද සමිත හිමියන් පැවසූහ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment