පකිස්ථාන ට්විටර් මගින් ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයින්ට ISI චෝදනා

543


පකිස්ථාන ට්විටර් ගිණුම් මගින් යළිත් වරක් ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයින් සම්බන්ධව ව්‍යාජ පුවත් මවන බවට චෝදනා එල්ලවී ඇත.එහි අලුත්ම චෝදනාව වන්නේ පසුගියදා ඩුබායිහි පැවැති ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර අතර තරගයේ දී ඉන්දියාව සහ පකිස්ථානය අතර තරයේදී පකිස්ථාන පිතිකරු අසීෆ් අලිගේ උඩ පන්දුව ඉන්දීය ක්‍රිඩක අර්ෂ්දීප් සිජ විසින් අත හැරීමය.අර්ෂ්දීප් එම උඩ පන්දුව අතහැරියේ ඔහු ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ ( isi )සහ කලිස්ථානි සංවිධානයේ සාමාජිකයෙක් නිසා යැයි සඳහන් කරමින් පකිස්ථාන ට්විටර් ගිණුම් 20,000ක පමණ තිබීමය.මෙම ගිණුම් වලින් වැඩි ප්‍රමාණයක් සැප්තැම්බර් මස 05 වැනිදායින් පසු ආරම්භ කළ ඒවා බව සම්බන්ධව කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.එසේම ඉන් වැඩි ගිණුම් ප්‍රමාණයක් කලිස්ථානි සාමාජිකයින්ට අයත්ය.
මීට පෙරද 2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය සහ ඉන්දියාව අතර පැවැති තරගයේදී ඉන්දියාව පරාජය වූ පසු විරාත් කෝලි,රෝහිත් ෂර්මා සහ පන්දු යවන ක්‍රීඩක මෙහොමඩ් ෂලීම් ඉස්ලාම් අන්තවාදී සාමාජිකයින් ලෙසට ට්විටර් ගිණුම් ඔස්සේ පකිස්ථානය චෝදනකා කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment