වැල්ලවාය ප්‍රදේශ වලට ඇතිවූ භූ කම්පනය ගැන සොයයි

188

වැල්ලවාය නගරය ආසන්නයේ අද (11) උදෑසන රික්ටර් මාපාංක 2.3 ක සුළු භූ කම්පනයක් වාර්තාවී තිබුණි.මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය , බුත්තල ප්‍රදේශයේ සිදුවූ භූ චලනවලට හේතුව ඉන්දු සාගර පතුලේ ඇති කාල්ස්බර්ග් මවුන්ට් කඳුවැටියේ ඇති වූ භූ කම්පනයක් විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.”ජාත්‍යන්තර දත්ත අනුව බුත්තල භූ කම්පනයක් වාර්තා වෙන්නේ නැහැ. බුත්තල වැල්ලවාය ප්‍රදේශවලට දැනිලා තියෙන්නේ මේ කලාපයේ සිදුවූ භූ කම්පනවලින් එකක්. බොහෝවිට කාල්ස්බර්ග් මවුන්ට් කියන මුහුදු පතුලේ තිබෙන කන්දක සිදුවුණු භූ කම්පනයක් තමයි අපිට දැනෙන්න ඇත්තේ.”යැයිද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment