යුගදනව් විදුලි බලාගාර ගිවිසුමත් හෙජින් ගිවිසුම වගේ මහා පාවාදීමක් – විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස

448

හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාර ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ‍්‍රී ලාංකික පුරවැසියකුට කිසිසේත්ම සිදුකළ නොහැකි බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

බලය ලබාගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශපේ‍්‍රමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලූම පොරොන්දු සහ ප‍්‍රතිපත්ති අලූයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහමුලින්ම ප‍්‍රතිපක්ෂ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලූ කරගෙන යමින් සිටි. බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැුයේ පවා කුණුකොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.

පසුගියදා, ’දදප තාක්ෂණය හරහා මැදියම් රැුයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැුස්වීමේදී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතුමනාපයටත් කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.

යුගදනවි යනු ඉදිරි දශකය තුළ මෙරට පිහිටි විශාලතම බලාගාරය වන අතර විදුලිබල මණ්ඩලය සමග ඇති ගිවිසුම් අනුව 2035 වනවිට රාජ්‍ය සමාගම්වලට අයිතිව තිබෙන සියලූ කොටස් එනම් යුගදනවි බලාගාරය පූර්ණ වශයෙන්ම විදුලිබල මණ්ඩලයට හිමිවන්නට නියමිතය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එතරම් විශාල බලාගාරයක් විදේශීය සමාගමකට පත්කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබීමය.

ඒ අනුව යුගදනවි බලාගාරයේ වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව අමෙරිකාවේ නිව් ෆෝටෙ‍්‍රස් එනර්ජි (භැඅ ත්‍දරඑරුිි ෑබැරටහ* සමාගම තහවුරු කොට තිබේ.

එපමණක් නොව, කෙරවළපිටිය ඉදිකිරීම් ලබාදෙන අදාළ සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද ලබාදී තිබේ. මාසිකව හෝ වාර්ෂිකව අදාළ ගෑස් ටෙන්ඩර් මගින් ලබාගැනීමට හැකියාව තිබියදී එම ගෑස් සැපයීමේ අයිතිය වසර 05 කට එම සමාගම වෙතට ම ලබා දී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. ඒ අනුව, ටෙන්ඩර් කැඳවා තිබෙන පාවෙන

ගෑස් ගබඩා සංකීර්ණය ඉදිකිරීම ද, නළ පද්ධතිය ඉදිකිරීම ද එම සමාගමටම පවරා තිබේ. ඒ යුගදනවි බලාගාරයේ 40% ක කොටස් පැවරීමේ ගිවිසුම ද සමගය.

ඉංජිනේරු සංගමය ඇතුළු සබුද්ධික පිරිස්වල අදහස් අනුව මෙහි 40% අයිතිය ලබාදීමටත් වඩා වැඩි බලපෑමක් එල්ල වන්නේ ඛභඨ සැපයුම ඔවුන් අතට පත්වීම හරහා ය. රටේ මර්මස්ථානයක පාලනය විදෙස් සමාගමකට දීමෙන් රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරකට ලක්වෙන අතර අනාගතයේ එම එල්.එන්.ජී. සැපයුම අඩාල කිරීම තුළ රටේ බලශක්ති නිපදවීමට බලපෑම් කිරීමට මේ හරහා විදේශීය සමාගමකට හැකිවීම විශාල අවදානම් සහගත තත්ත්වයකි.

ලොව කිසිම රටක්, ස්වාභාවික වායු සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධව සිදු නොකරන අතර, එවැන්නක් සිදුවුවහොත් රටේ ජාතික ආරක්ෂාව බලශක්ති ආරක්ෂාව තහවුරු නොවන බව එම රටවල් දනී.

ආණ්ඩුව මේ බරපතළ අනතුර ද නොතකා හැර, මෙරට බලශක්ති ප‍්‍රතිපත්තියට ද අනනුකූල ලෙස මෙම ගිවිසුම් අත්සන් කොට තිබේ.

අනෙක් අතට, අදාළ යෝජනාව ප‍්‍රකාරව රටට අවශ්‍ය විදුලියෙන් සියයට 50 ක් නිපදවීමේ ඒකාධිකාරය විදේශීය පුද්ගලික සමාගමකට ලැබේ. මීට පෙර ටෙන්ඩර් කැඳවා ඇගයීම් අවසන් කර තිබියදී එය අහෝසි කර මෙම සමාගමට දීමට හේතු මොනවාද යන්නත් මීට පෙර ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුණේද විදේශ රටවල් නිසා මේ හරහා රාජ්‍ය තාන්ත‍්‍රික ගැටලූ ද මතුවුවහොත් ඇතිවන තත්ත්වය පිළිබඳවත් අපි ආණ්ඩුවෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමු.

හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක් මෙම ගිවිසුම හරහා සිදුවන අතර මෙවැනි පාවාදීමක් ශ‍්‍රී ලාංකික පුරවැසියකුට කිසිසේත්ම සිදුකළ නොහැකිය.

මෙවන් බරපතළ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරද්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කණු බවට පත්ව සිටින අතර කිසිවෙක් මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුළින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්ත්වයයි. එහෙත් ඒ කිසිවකුට මේ බරපතළ පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.

භූමියෙන් කුඩා රටක බලශක්තියේ පාලනය සහ හිමිකම ලබාගන්නා පිටස්තර කවරෙකුට වුව රටේ පාලනය හැසිරවීමට බලයක් ලැබෙන බව වටහා ගැනීමට තරම්වත් ප‍්‍රබුද්ධ සිහියක් නැතිව සිහිමුර්ඡුා වී සිටින ආණ්ඩුවට නොතේරෙන නමුත්, සමගි ජන බලවේගය ඇතුළු මෙරට සමස්ත ජනතාව ආණ්ඩුවේ මේ අන්තනෝමතික ක‍්‍රියාවලියට එරෙහිව කඳවුරු බඳින බව අවධාරණය කළ යුතුය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment