හකීම් කිව්වේ බොරු කාදිනල්තුමාත් විමතියට පත්වුණා – ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා

2096

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක් නොව ඊශ්‍රයල් දේශයේ අන්තවාදීන් පිරිසක් බව කාදිනල්තුමන් තමන්ට පැවසුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත් කාදිනල්තුමා එම කතාව අසා විමතියට පත්වූ බවත් කොළඹ අගරදගුරු පදවි සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළේය. කාදිනල්තුමා එවැනි ප්‍රකාශයක් ඔහු සමග සිදුකර නැතැයි ද පියතුමා කීවේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය යම්කිසි දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි කියා විපක්‍ෂ නායකවරයා ඇතුළු විපක්‍ෂය දරන අදහසට ප්‍රතිවිරුද්ධව මෙම මන්ත්‍රීවරයා කිසියම් පක්‍ෂයක උවමනාවක් මත අදාළ ප්‍රකාශය සිදුකළේ දැයි කියා ප්‍රශ්නයක් මතුවෙන බව ද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කරයි. එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස අප ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

විපක්‍ෂ නායකතුමා මේ පිළිබඳව යම් ක්‍රියා මාර්ගයක් ගනිවී යැයි බලාපොරොත්තු වෙනවා යැයි ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය. ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා එසේ ප්‍රකාශ කළේ අගරදගුරු පදවි ජන සන්නිවේදන කාර්යාලයේදීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment