ඇන්ඩි මරේගෙන් කලකට පසු දස්කම්

166

ප‍්‍රංශයේ පැවැත්වෙන මොසෙල් විවෘත ටෙනිස් ශුරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ පෙරේදා (22 දා) සමත් වූවේය.

 ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයේ කලෙක පසු වූ ඇන්ඩි මරේට නොයෙක් ආබාධ හේතුවෙන් 2019 වසරෙන් පසුව ප‍්‍රධාන පෙළේ ටෙනිස් ශුරතාවක් දිනා ගැනීමට නොහැකි විය. දැනට 34 හැවිරිදි වියේ පසුවන මරේ කලකට පසුව ටෙනිස් පිටියට පිවිස මොසෙල් තරගාවලියේ ශුරතාවයට ආසන්න වෙමින් සිටීම ටෙනිස් පිටියේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.

 ප‍්‍රධාන පෙළේ ටෙනිස් ශුරතාවයන් තුනක් ජයග‍්‍රහණය කර ඇති මරේ පසුගිය වසර තුන තුළ උකුළ ආශි‍්‍රත සැත්කම් තුනකට භාජනය වීමෙන් කී‍්‍රඩාවෙන් ඉවත්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment