වැව් තාවුල්ල ගැන කතා කරන අය තම හෝටල් එතැනින් අයින් කර ගත යුතුයි – රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ

177

* වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා:

‘‘පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල්  ගැහීමක්, එයාලා පරාක‍්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ එයාලා හදපු හෝටල් හා ගෙවල් ඉවත් කරගන්න එක’’ යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ 22 වැනිදා කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව ශ‍්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාවත් හොඳින් අවබෝධ කර ගන්න ඕනෑ සහතික මිලක් කියන්නේ එයිට වඩා අඩුවෙන් වී මිලදී ගන්න බැහැ කියන එක බව. දැන් උදාහරණයකට ගත්තොත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ වී මිල රුපියල් 32 යි, 33 යි. ජනතාවගේ හදවතේ ගලේ කෙටුවා වගේ තියා ගත්ත නම් හොඳයි, යහපාලනය ගොවියා නැති භංගස්ථාන කරයි කියන එක. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවිල්ලා වීවලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment