පාස්කුවට සාධාරණය කෝ…… – කොච්චිකඩේ සිට කොච්චිකඩේට මිනිස් දම්වැලක්

130

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී වසර හතක් පිරීම නිමිතිකොට ගෙන යුක්තිය සාධාරණය ඉල්ලා ලබන 21 වැනිදා මීගමුවේ කොච්චිකඩේ සිට කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුර දක්වා නිහඬ මිනිස් අත්වැල් දම්වැල් විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට කතෝලික සංවිධාන තීරණය කර ඇත. මෙම විරෝධතා වැඩපිළිවෙළ සඳහා සෙසු ආගමික බැතිමතුන් පවා සම්බන්ධ කර ගැනීමට ක්‍රියා කරන බව ජා ඇල මීගමුව කලාපය භාර පමුණුගම මීසම් පාලක ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා සඳහන් කළේය.

මෙම නිහඬ අත්වැල් දම්වැල් විරෝධතාවය ලබන 21 වැනිදා උදෑසන 8.00 ආරම්භ කරනු ඇත. කතෝලික සභා ආරංචි මාර්ග පවසන ආකාරයට පුරා පැයක පමණ කාලයක් මෙම විරෝධතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනු ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙදින ජීවිතක්ෂයට පත්වූ බැතිමතුන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයන් පවා මෙදින සිදුකරනු ඇත.
නෝමන් පලිහවඩන, ජුඩ් හෙට්ටිආරච්චි දුන්ගාල්පිටිය

advertistmentadvertistment
advertistmentadvertistment