බේරේ වැවට පිටතින් ක්‍ෂුද්‍ර ජීවීන් දාන්නේ නෑ – මහාචාර්ය ආශු මාරසිංහ

249

බේරේ වැව පිරිසිදු කිරීම සඳහා කිසිදු ක්‍ෂුද්‍ර ජීවියකු වැවට පිටතින් ඇතුළු නොකරන බවත් ඒ සඳහා යොදාගනු ලබන්නේ ‘නැනෝ බබල්ස්’ නම් තාක්‍ෂණය බවත් මහාචාර්ය ආශු මාරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ‘බේරේ වැව පිරිසිදු කරන ව්‍යාපෘතියට අවසර ගෙන නෑ’ උදෘතය යටතේ ඊයේ (07) ‘දිවයින’ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳව කරුණු පැහැදිලි කරමිනි.

“පළවූ ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොරයි. වැව පිරිසිදු කරන්න භාවිත කරන්නේ ‘නැනෝ බබල්ස්’ නම් අලුත් තාක්‍ෂණික ක්‍රමවේදයක්. එහිදී සිදුකරන්නේ ඔක්සිජන් වායුව වැව් ජලය තුළට ඇතුළු කර ජලයේ දූෂණය නැති කිරීමේ ක්‍රමවේදයක්. ඒ නැතිව කිසිම ආකාරයකින් බාහිරින් ක්‍ෂුද්‍ර ජීවීන් වැවට ඇතුළු කිරීමක් වෙන්නේ නැහැ. මෙම ව්‍යාපෘතිය රජයේ අනුමත ව්‍යාපෘතියක් යැයි ද මහාචාර්ය ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment