ඔය කියන තරම් මුදල් අලුතින් අච්චු ගසා නෑ – මුදල් ලේකම්

211

ඔය කියන තරම් මුදල් ප‍්‍රමාණයක් අලූතින් අච්චු ගසා නැතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ‘දිවයින’ ට පැවැසීය.

යම් යම් අවස්ථාවලදී කඩදාසි (මුදල් මය වටිනාකමක් නොමැති) මුද්‍රණය කර ඒවා භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නට යොදා ගත්තත් ඒවා සංසරණයට නොදමන බවද ලේකම්වරයා ස`දහන් කළේය.

ඉකුත් කාලයේදී අලූතින් මුද්‍රණය කළ මුදල් ප‍්‍රමාණය පිළිබඳ නිශ්චිත ගණන් හිලව් ක්‍ෂණිකව ප‍්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා කියා සිටියේය.

ඇතැම් පාර්ශව අලූතින් මුදල් අච්චු ගසා ඇතැයි යම් යම් ප‍්‍රකාශ සිදුකළත් සංසරණය ස`දහා ඔය කියන තරම් මුදල් ප‍්‍රමාණයක් අච්චු ගසා නැතැයිද ඒ මහතා කීය.

මේ ප‍්‍රකාශවලට පදනමක් නැතැයිද, ඉකුත් කාලයේ යම් සුළු මුදල් ප‍්‍රමාණයක් අවශ්‍යතා මත මුද්‍රණය කර ඇතැයිද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ස`දහන් කළේය.

ශිරාන් රණසිංහ


 

advertistmentadvertistment
advertistmentadvertistment