දින 5යි වැඩ අරාජිකයි පොලිස්පති තවම හිස්

90

පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස්පතිවරයකු නොමැතිව දින 05ක් තිස්සේ පොලිසිය අරාජික තත්ත්වයකට පත්ව ඇත.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 25 වැනිදා සිට පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේය. ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පති තනතුර පුරප්පාඩු වූ අතර ඒ සඳහා 30 වැනිදා සවස වනතුරුත් නිලධාරියකු පත්කිරීමට රජය කටයුතු කර නොතිබිණි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත්වීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරු සුදුසුකම් ලබා සිටිති. එහෙත් මේ වනතුරු එම තනතුර සඳහා නිලධාරියකු පත්නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ දැවැන්ත පරිපාලනමය ගැටලුවක් උද්ගත වී ඇත. පොලිස්පතිවරයකු තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිලධාරීන් තිදෙනකුගේ නම් ජනාධිපතිවරයා විසින් යෝජනා කළ යුතුව ඇතත් 30 වැනි සිකුරාදා වනතුරුත් ඒ සඳහා නිලධාරීන් කිසිවකුගේ නම් යෝජනා කර නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment