කොත්මලේටත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්

201

දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් සකස් කර ඇත.

කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාර්කාවක ද නිතරව තිබේ.

ඉඩම වෙන් කර ගැනීමෙන් පසු මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදව් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය ද රුවන් විජයවර්ධන මහතා වෙත දැනුම් දී ඇත. එරට විශ්වවිද්‍යාලවල සහාය ද දේශගුණ විශ්වවිශ්වවිද්‍යාලයට ලබා දෙන බව තනාපති කාර්යාලය පොරොන්දු වී තිබේ.

අක්කර 400ක් පමණ වන මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක් කර ගැනීමට ද නියමිතය. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට නියමිත අතර නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිරියේ දී මෙහි ඉදිවීමට නියමිත බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

අදාළ ව්‍යාපෘති වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව ද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment