සත්තුවත්ත හෙට ළමයින්ට නොමිලේ

129

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87ක් පිරීම නිමිති කරගෙන හෙට මෙම ඇසළ පුන් පොහෝදා වයස අවුරුදු 12න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එදින ළමුන් සඳහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද හෙතෙම කීය. ඒ අනුව ජූලි මස 03 වැනිදා සිට පුරා සතියක් විවිධ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇතැයි ද ඔහු කියා සිටියේය. එසේම දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹන්නන් උදෙසා ද විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කෙරේ. මෙදින සිංහ අරණ ද විවෘත කෙරේ. එසේම මෙදින සත්වෝද්‍යානයේ පැරණිතම සේවකයන් දසදෙනකු සඳහා සමරු ඵලක ප්‍රදානය කිරීමක් ද සිදුකෙරේ. ආසියාවේ පැරණිතම සත්වෝද්‍යානවලින් එකක් වන දෙහිවල සත්වෝද්‍යානය, ජර්මන් ජාතික ජෝන් හාර්ගන් බෙග් මහතා විසින් 21 වැනි සියවස ආරම්භයේදී අපනයනය සඳහා සතුන් එකතුකර රැස්කර තබාගන්නා මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කර ඇත. එය 1936 වර්ෂයේ ජූලි 03 වැනිදා රාජ්‍ය පාලනය යටතට පත්විය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment