සාගර එළියට නොබැස්සොත් සජබයෙනුත් බංකොළොත් කමිටුවක්

541

රට අරාජික වීම සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉවත් නොකරන්නේ නම් සමගි ජනබල පක්‍ෂය ද වෙනම එවැනි කමිටුවක් පත්කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් එම කමිටුවේ සජබ සාමාජික ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ තමුනට එම කමිටුව සම්බන්ධව ගැටලුවක් නැතිමුත් සාගර කාරියවසම් මහතා එහි සභාපති ධුරයට පත් කිරීම සම්බන්ධව ගැටලුවක් පවතින බවය. ඔහු පොහොට්ටුව පක්‍ෂයේ මහ ලේකම් ධුරය දරමින් මෙවැනි කමිටුවක සභාපති ධුරය දැරීමේදී එහි ස්වාධීනත්වයක් අපේක්‍ෂා කළ නොහැකි බැවින් තමා සහ පක්‍ෂයේ සෙසු සාමාජිකයන් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව ද ඔහු කීවේය.

තම විරුද්ධත්වය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී ඇති බවත් ඒ සම්බන්ධව නිසි පියවරක් නොගන්නේ නම් පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබල පක්‍ෂය විසින් ද වෙනම කමිටුවක් පත්කරන බවත් හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment