අලි ඇත්තු සහ මනුසත්තු ජීවිතය ඉල්ලා නගන විලාපය ‘කුංචනාද’

205

අතීතයේ පැවැති අලි මිනිස් සංහිඳියාව වර්තමානය වනවිට අලි මිනිස් ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. අලි ඇත්තු සහ මනුසත්තු ජීවිතය ඉල්ලා නඟන විලාපය මානව විද්‍යාත්මක විවරණයක් ලෙසින් කුංචනාද නමින් ටෙලි නිර්මාණයකින් ගෙන ඒමට කටයුතු කර තිබේ.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ නිර්මාණයක් ලෙසින් වෛද්‍ය ලක්‍ෂ්මන් මාකඳුරගේ නිෂ්පාදනයෙන් ශ්‍රියානි අමසේන නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් කුංචනාද එළැඹෙන මාර්තු 20 වැනිදා සිට රාත්‍රි 7.30ට සිරස නාලිකාවෙන් ආරම්භ කෙරේ.

ශ්‍රියානි අමරසේන, යසෝමා ලෙසින් ද බුද්ධදාස විතානආරච්චි රංජිත්ගේ චරිතයෙන් ද කුංචනාද නිර්මාණය හරහා දැකගත හැකිය. ඊට අමතරව රොෂාන් පිලපිටිය (විජිත්), ක්ලීටස් මෙන්ඩිස් (මාලි), අනුරාධා එදිරිසිංහ (අශාන්ති), චමීර ලියනගේ (වසන්ත), අවන්ති අපොන්සු (රූපා), අජිත් ලොකුගේ (ගුණේ), කුමුදු නිශාන්ත (ජයන්ත), සුලෝචනා වීරසිංහ (පවිත්‍රා), දේවාංගනි රංගනා (නෙහාරා), බර්ටි නිහාල් සුසිරිපාල (හේරත් බණ්ඩා) අනුර බණ්ඩාර රාජගුරු (මුදලාලි) ඇන්ටන් කුරේ (සුරනිමල) රූපා පතිරණ (විමලාවතී) ද මෙහි රංගනයෙන් දායක වෙති.

කුංචනාද කතා සංකල්පය සහ නිෂ්පාදනය වෛද්‍ය ලක්‍ෂ්මන් මාකඳුරගෙනි. ශ්‍රියානි අමරසේන මෙහි නිෂ්පාදන සම්බන්ධීකරණය සිදුකර තිබේ.

ඉන්දික අත්තනායක ආලෝකකරණය සහ කැමරාකරණයෙන් දායක වනවිට ජගත් වීරතුංග සංස්කරණය සිදුකර ඇත. රූපවාහිනි රචනය අරුණ ප්‍රේමරත්න ගෙනි. කලා අධ්‍යක්‍ෂණය දීප්ති මංගලසෝම ද, අංග රචනය ශජේන්ද්‍ර තුම්පත්තු ද විසිනි.

කුංචනාද ගේය පද රචනය කපිල කුමාර කාලිංග අතින් හැඩවී ඇති අතර සංගීත නිර්මාණය දිනේෂ් සුභසිංහ සිදුකරන විට ගායනයෙන් කපිල පූගල ආරච්චි සම්බන්ධ වී තිබේ. නිෂ්පාදන කළමනාකරණය සෝමදාස මල්දෙණිය සම්බන්ධ වී ඇති අතර සහාය අධ්‍යක්‍ෂණය චමින්ද හේවාවසම් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment