පරිභෝජනයට නුසුදුසු ටින්මාළු කන්ටේනර් 82ක් හොර පාරෙන් කඩේට

220

පසුගිය වසරේදී (2021) විදේශයකින් ගෙන්වා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරුවීම නිසා රේගුවේ රඳවාගෙන තිබු ටින්මාළු බහලුම් 82ක් හොර පාරෙන් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි. මෙහි මාළුටින් ලක්‍ෂ තිස්පහකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

එම ටින්මාළුවල සාම්පල පරික්‍ෂා කිරීමේදී ටින් මාළුවල ආසනික් අඩංගු බවට තහවුරුවීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු බව නිගමනය කර විනාශ කිරීම සඳහා රේගුවේ රඳවාගෙන තිබු බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ රේගුවේ තිබු බහලුම් හොර පාරේ පිටකොටුව තොග වෙළෙඳපොළට ගෙන්වාගෙන අලුතින් ලේබල් අලවා මිල නිෂ්පාදිත දිනයන් කල් ඉකුත්වීමේ දිනයන් වෙනස් කොට රට පුරා බෙදා හරිමින් තිබෙන බවද එම ආරංචිමාර්ග කියා සිටී.

වෙළෙඳපොළේ ග්‍රෑම් 425ක බරකින් යුත් ටින්මාළු එකක් මේ වනවිට රුපියල් 750ක් වැනි මිලකට අලෙවි වෙමින් තිබියදී මෙම ආසනික් අඩංගු බව කියන ටින්මාළු එකක් රුපියල් 550ක සිල්ලර මිලකට අලෙවි කරන බවත් අඩු මිලට අලෙවි කරන මෙම ටින්මාළු මනුෂ්‍ය පරිභෝජනයට ගැනීම නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත් එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටී. 2021 දී ගෙන්වන ලද මෙම ටින්මාළු ටින් එකක මිල රුපියල් 350ත් 400ත් අතර පැවති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment