වකුගඩු සැත්කමේදී මියගිය දරුවාගේ මරණය ගැන විමර්ශනය සී. අයි. ඩීයට

32

වකුගඩු සැත්කමකදී නරක්වූ වකුගඩුව සමගම නිරෝගී තත්ත්වයේ තිබූ වකුගඩුවද ඉවත් කිරීමෙන් පසුව මියගිය තුන් හැවිරිදි දරුවා සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් මෙතෙක් සිදුකළ විමර්ශන වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (27දා) නියෝග කළේය.

එම සැත්කම සිදුකළ නවීන් විජේකෝන් නමැති විශේෂඥ වෛද්‍ය වරයා ඕස්ට්‍රේලියාවේ රුඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවත්, ඔහු පදිංචි ලිපිනය හා ඊමේල් ලිපිනය ලැබී ඇති බවත් බොරැල්ල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එකී ශල්‍යකර්මය සිදුකළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනා මින් පෙර විදේශගතවී ඇති බවත් දරුවා ස්කෑන් පරීක්‍ෂණයට ලක් කළ බව කියන නුවන් හේරත් නමැති වෛද්‍යවරයාත් පසුව විදේශ ගතවී ඇති බවට අනාවරණය වූ බවත් බොරැල්ල පොලිසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment