සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන ලොක්කෙක් අල්ලස් දැලේ

65

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයේ රාජ්‍ය කළමනාකරණ සහකාරවරයකු රුපියල් අසූදහසක (80,000) අල්ලසක් ලබා ගනිද්දීම අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය (03 දා) පස්වරුවේ සමත් විය.

ගල්ගමුව, බෝයගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත්කර වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 80,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වේ.

අදාළ සැකකාර කළමනාකරණ සහකාරවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේදී අදාළ අල්ලස ලබා ගනිද්දීම කොටුකර ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා “දිවයින”ට පැවැසීය.

සැකකාර නිලධාරියා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment