උතුරට පහර දුන් දකුණට ලක්ෂ හතරක්

271

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රීමා අනුග්‍රහයෙන් සංවිධානය කළ අන්තර් දිස්ත්‍රික් අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත් විය.

ශූරතාව දිනාගත් කොළඹ දකුණු පිලට රුපියල් ලක්ෂ හතරක් සහ අනු ශූරතාව දිනූ කොළඹ උතුරු පිලට රුපියල් ලක්ෂ තුනක මුදල් තෑගි පිරිනැමුණි.

පසුගිය වසරේ පැවති ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ද කොළඹ උතුර පිල කඩුලු 3 කින් පරාජයට පත් කරමින් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගත්හ.

කොළඹ රාජකීය විදුහලේ රෙහාන් පීරිස් විශිෂ්ට ශතකයක් රැස් කරමින් කොළඹ දකුණ කණ්ඩායම මෙවර ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත් වූයේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණ ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොළඹ උතුර කණ්ඩායමට ඕවර 47.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 170ක් පමණි.

කොළඹ දකුණ – 256/8 (ඕවර 50) රෙහාන් පීරිස් 129, ලසිරු සඳකැන් 40 (සෙනිත් නෙත්සර 43/2, දසිත් පෙරේරා 53/2, ළහිරු ලක්මාල් 54/2)

කොළඹ උතුර – 170 (ඕවර 47.1) සදීෂ සිල්වා 47, ළහිරු ලක්මාල් 28, යෙනුල දන්තනාරායන 23 (ජනුල් දම්හිරු 42/2)

advertistmentadvertistment
advertistmentadvertistment