මුහුද රළු වෙයි ඇහැ ගහගෙන ඉන්න!

41

ධීවර නාවික ප්‍රජාවගෙන් කාලගුණේ ඉල්ලයි

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

පොතුවිල් සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (02-2.5)ක් පමණ ඉහළයෑමේ හැකියාව පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවත් එම නිසා කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment