ආර්ථික විවරණයේ අර්ථ දැක්වීම දැන ගන්න මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන්නැයි චරිත හේරත්ගෙන් ඉල්ලීමක්

59

මහ බැංකුව නිකුත් කර තිබෙන වාර්ෂික ආර්ථික විවරණයෙන් මහ බැංකුව සහ රාජ්‍ය වෙනස් ආකාරයට අර්ථ දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන ලෙස පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ඉල්ලා සිටියේය.

එවැනි වර්ගීකරණයක් කිසිසේත් සිදුකළ නොහැකි අතර අදාළ වාර්තාව අනුව කැබිනට් මණ්ඩලය කිසිඳු කාර්ය භාරයක් සිදු කර නොමැති බව මෙන්ම වැඩකර ඇත්තේ මහ බැංකුව පමණක් බවට හැඟීමක් ඇති බවද මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. එබැවින් මෙම සියළු කරුණු සම්බන්ධයෙන් විමසීම් සිදුකිරීම සඳහා මහ බැංකුවේ සියළු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත කැඳවන ලෙසද හේරත් මහතා පැවසීය.

මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය රාජ්‍ය මුල්‍ය කළමනාකරණ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තා දෙක අතර බරපතළ පරස්පරතා තිබෙනවා. මහ බැංකු ආර්ථික විවරණයේ භාෂාවත් වැරදියි. ඒ වාර්තාව අර්ථ දක්වන්නේ මහ බැංකුවයි රාජ්‍යයයි දෙකක් කියලා. එවැනි වර්ගීකරණයක් කළ නොහැකියි. එලෙස අර්ථ දක්වන්නේ නම් එම වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍යයත් නැහැ. වාර්තාවට අනුව වැඩ කරලා තියෙන්නේ මහ බැංකුව විතරයි. කැබිනට් මණ්ඩලය කිසිවක් කරලා නැහැ. මේ සම්බන්ධයෙන් විමසීමට මහ බැංකුව ආංශික අධික්ෂණ කාරක සභාවක් යටතට ගේන්න යැයි මන්ත්‍රීිවරයා කීවේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment