ආර්. එම්. වී. වැඩ කරගන්න වෙලාව වෙන්කර ගැනීම අනිවාර්ය වෙයි

26

ලබන 04 වැනිදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා 2117116 යන ස්වයංක්‍රීය දුරකථන අංකයක් හඳුන්වාදී ඇතැයි ද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එම දුරකථන අංකයට කතාකර තමුන්ට අවශ්‍ය සේවාව තෝරාගත යුතු බවත්, ඉන්පසු තම දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ පසු අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය, වේලාව සහ ස්ථානය සඳහන් කරමින් කෙටි පණිවුඩයක් ලැබෙන බවත් ඔහු කීවේය. ඒ අනුව මාර්තු මස 04 වැනිදා සිට සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වෙත පැමිණෙන සේවාලාභීන් තමාට අදාළ වේලාවක් සහ දිනයක් වෙන්කරවාගෙන පැමිණීම අනිවාර්ය බවද සඳහන් කළේය.

ඊට අමතරව www.dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවිය හරහා ද මෙම පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතින බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment