ලංවිම බෝනස් කපයි – 25% ක වැටුප් වර්ධකත් නෑ

130

ඇමැති කංචනගෙන් උපදෙස්

ලංකා විදුලිබල මණ්ඩල සේවකයන් සඳහා මෙම වර්ෂයේදී ප්‍රසාද දීමනා හෝ අනෙකුත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇත. විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මේ බව දැනුම්දී තිබේ.

එමෙන්ම වසර 03 කට වරක් සිදුකරනු ලබන 25% ක වැටුප් වර්ධක ද ක්‍රියාත්මක නොකරන ලෙසට ඇමැතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

එසේම ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳව තොරතුරු හා නිලධාරීන් කුලී පදනම මත ගෙන ඇති වාහන සහ කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස ද විෂයභාර ඇමැතිවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.
සුජීව තත්සර, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment