ප්‍රියමාලිගේ තවත් සමාගමක් හෙළි කළ යූටියුබ් මාධ්‍යවේදියා සී. අයි. ඩී. කැඳවයි

461

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලියට ගෙන ආයතන කිහිපයක් පිහිටුවා කෝටි ගණනක් වංචාකළ තිළිණි ප්‍රියමාලි නමැත්තිය සහ එම මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන තවත් මතභේදාත්මක සමාගමක් සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවක් ඔස්සේ වැඩසටහන් කිහිපයක් මගින් අනාවරණය කළ මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද මහතා අද (26දා) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

අද දින ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙසට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතත් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය කුමන කාරණය සම්බන්ධයෙන් දැයි දුරකථනයෙන් හෝ තමා ලබාදුන් විද්යුත් ලිපිනවලට මෙතෙක් දැනුම් දී නොමැති බවත් දිගින් දිගටම සිය පදිංචි ලිපිනය විමසමින් දුරකථන ඇමතුම් ලබාදෙන බවත් ධනංජය නාරංබැද්ද මහතා දිවයිනට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment