එජාප නායක රනිල්ගෙන් සහ සභාපති වජිරගෙන් සමන් චන්ද්‍රනාත්ට අවසන් ගෞරව  

299

එක්සත් ජාතික පක්‍ෂයේ තේමා ගීතය රචනා කළ ප‍්‍රවීණ ගීත රචක ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු මෙන්ම ගත් කතුවරයකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතාගේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ල ජයරත්න මල් ශාලාවට පැමිණි එජාප නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරු ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතාගේ දියණිය සහ පවුලේ ඥාතීන් සමග කතාබහක නියැලූන රනිල් වික‍්‍රමසිංහ සහ වජිර අබේවර්ධන යන මහත්වරු තමන්ගේත්, තම පක්‍ෂයේත් ශෝකය ඔවුන් වෙත පළකර සිටියහ.

ඡායාරූප – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment