වාලච්චේන නඩු ගබඩාවෙන් කුඩු උස්සලා

23

සැකකරුවන් අල්ලන්න සීසීටීවී බලයි

වාලච්චේන අධිකරණයට අයත් නඩු භාණ්ඩ ගබඩාව බිඳ එහි කුඩු මත්ද්‍රව්‍ය පැකට් රැගෙන ගොස් ඇති බව වාලච්චේන පොලිසිය කියයි.

මෙම නඩු භාණ්ඩ ගබඩාවට මෙසේ ඇතුළු වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ විභාග වෙමින් තිබෙන නඩුවකට අයත් සැකකරුවකු හෝ පිරිසක් විය හැකි යැයි සැකකරන බව වාලච්චේන පොලිසියේ ප්‍රකාශකයෙක් දිවයිනට පැවසීය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. එම ප්‍රදේශයේ නිවෙස්වල සවිකර තිබෙන ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂාකර බලා සැකකරුවන් කොටුකර ගැනීමට හැකි වෙතැයි නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දිවයිනට පැවසීය.

මෙසේ රැගෙන ගොස් ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය කොතෙක් දැයි මෙසේ ගණන් බලා නැතැයි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment