උද්ධමනය 2.1%කට පහළ බසී

78

ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා තවදුරටත් අඩුවී ඇත.

ඉකුත් ජුලි මස වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 4.6 ක් විය.

පසුගිය ජුලි මාසයේ සියයට සෘණ 2.5 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මාසයේදී සියයට සෘණ 5.4 ක් දක්වා අඩුවී ඇත.

එසේම ජූලි මස සියයට 10.9 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ දී සියයට 9ක් දක්වා ද අඩුවී ඇත.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21දා) නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment