විසල් ආදරේ අද එනවා…

147

‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයෙන් මෙරට මෙන්ම විදෙස්ගත වී සිටින ලාංකිකයන්ගේ ද ආදරය දිනාගත් වාසව බදුගේ ගේ දෙවැනි සිනමා නිර්මාණය ‘විසල් ආදරේ’ අද (03දා) සිට එම්. පී. අයි. ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීම ඇරඹේ.

විසල් ආදරේ සඳහා සචින් ලියනගේ, දිනක්ෂි ප්‍රියසාද්, රශීප්‍රභා සංදීපනී හා නිමේෂ් වීරංග ප්‍රධාන චරිත නිරූපණය කරති. ආදරය තේමාකරගත් අපූරු කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ තිර රචනය ඩිල්ෂි තත්සරණීගෙන් වන අතර සංගීතයෙන් හා ගායනයෙන් යසස් මැදගෙදර සම්බන්ධ වෙති. ආදරේ විසල්ව බලාපොරොත්තුවෙන හැමෝට ම ලාංකේය සිනමාවේ මීළඟ ආදරණීයම සිනමා සිත්තම විසල් ආදරේ අද සිට ඔබේ ගමේ නගරයේ ඇති සිනමාහල්වලින් ආදරණීයව නැරඹිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment