කොණ්ඩ මෝස්තරය ගැන පියාගේ අවවාදය නොරිස්සූ පුතා ජීවිතය මරුට පුදයි

526

යාපනයේ වඩමරච්චි තුන්නාලේ ප්‍රදේශයේ අවුරුදු 14 ක පාසල් ශිෂ්‍යයකු අමුතු මෝස්තරයකට කොණ්ඩය කැපීම සම්බන්ධයෙන් පියා ඔහුට බැන වැදීම නිසා ඔහු ගෙළ වැළලාගෙන 30 දා සිය දිවි හානිකරගෙන තිබේ.

දිනේෂ් ආදවන් නමැති මෙම සිසුවා කොණ්ඩය කපන ස්ථානයකින් කොණ්ඩය කපාගෙන නිවසට පමිණි පසුව එම කොණ්ඩා මෝස්තරය පාසල් සිසුවකුට නොගැළපෙන නිසා වහාම ගොස් යළි නිසි ලෙස කොණ්ඩය කපාගෙන එන ලෙස පවසමින් සිසුවාගේ

පියා ඔහුට බැණ වැදී තිබේ. ඔහු කොණ්ඩය කපන්නට යන මුවාවෙන් නිවසින් එළියට ගොස් ලණුවක් ගෙලෙහි බැඳ අසල ගසක අත්තක එල්ලී සිය දිවි හානි කරගෙන තිබේ. වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් පසුව ඔහු මියගොස් තිබේ. නෙල්ලිඅඩි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment